Posts

උපන් ලග්නයට අනුව උපතේ සිට මරණය දක්වා කියවෙන ඔබගේ චරිත ලක්ෂණ

උපන් ලග්නයට අනුව උපතේ සිට මරණය දක්වා කියවෙන ඔබගේ චරිත ලක්ෂණ.. කෙනෙකු උපන් ලග්නය අනුව ඔහුගේ හෝ ඇයගේ ගති ගුණ,  ඉගෙනීම, රැකියාව, ආදරය, විවාහය, ලෙඩ රෝග ආදී සියල්ල ගැන ජ්‍යෙතිෂ විද්‍යවට අනුව පැවසිය හැකිය. මෙහි සදහන් කරන චරිත ලක්ෂණ එකක් හො කිහිපයක් අනිවාර්යෙන්ම ඔබට තිබිය හැක. ජ්‍යෙතිෂයට අනුව එක් එක් ග්‍රහයාට පොදු වූ චරිත ලක්ෂණ ඇත. නමුත් කේන්දරයෝ ග්‍රහයන් හා ග්‍රහයෝග පිහිටින ආකාරය අනුව මෙම පලාඵල වෙනස් විය හැකිය. උපන් ලග්න වලට අදාලවන චරිතය ගැන සමස්ථයක් ලෙස ගොනුකර ඇත විස්තරයක් පහතින් දැක්වේ. බලන්න ඔබ ගැනත් මෙහි ස`දහන්ද කියලා. කතාවෙන් අන්‍යයන් වශීකරන මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වන බැවින් මේෂ ලග්නයෙන් උපන් අය උසස් අදහස් ඇති තේජවන්ත භාවයෙන් යුතු වූවන් වේ. ක්‍රියාශීලීව ඕනෑම දෙයක් වෙනුවෙන් ඉදිරියට යන කැපී පෙනීමේ ආශාව සිත තුළ තදින් ඇත්තෝ වන මොවුන් තමා ආශා කරන දේ කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ දරා අවසානයේ දී එය සිතැඟි පරිදි ඉටුකර ගනියි. සටන්කාමී බව සහජයෙන්ම පිහිටන මේෂ ලග්න හිමියෝ සටන් කළ යුතු තැන සටන් කිරීමට පෙ දැඩි ආත්ම ශක්තියකින් යුක්ත වේගයෙන් වැඩ කළ හැකි ඉතාමත් කඩිසර

ලොවටම අභිරහසක් වූ ඇත් සොහොන

Image
ලෝකයේ ලස්සනම අලි ඇතුන් දකින්න පුළුවන් රට තමයි අපේ මේ පුංචි ශ්‍රී ලංකාව. ඉතින් මේ අලි ඇතුන් ගැන කාලෙන් කාලෙට අපේ සමාජයේ විවිධාකාරයේ කතා බහ ඇති වෙනවා. අලි මිනිස් ගැටුම් ගැනත් නිතර අහන්න දකින්න ලැබෙනවා. දඩයක්කරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා අපිට අහිමි වන අලි සම්පත සුලුපටු නොවෙයි. රටට සම්පතක් වූ, විදේශීය සංචාරකයන්ගේ නොමඳ ආකර්ශණයට ලක් වූ අලි ඇතුන් ගැන අපි කවුරුත් නොදන්නා කතාවකුත් තියෙනවා. ඒ තමයි ලොවටම අභිරහසක් වූ ඇත් සොහොන. ඇත් සොහොනක් ගැන අපි කලින් අසා තිබුනේ අරාබි නිසොල්ලාසයේ ඇති එක් කතාවක කියැවෙන සින්බෑඩ් නම් නැවියා දුටු ඇත් සොහොනක් ගැන කතාවෙනි. සින්බෑඩ් නම් නාවිකයා බැග්ඩෑග් නුවරින් නැව් නැග සිලෝන් නම් දිවයිනට පැමිණ සිලෝන් දිවයිනේ රජු බැහැ දැක, ඉන් අනතුරුව දිවයින තුල සංචාරය කරයි. එහි දී සින්බෑඩ් මුතු මැණික් පිරි ගංඟා දක්නට ලැබුනු බවත් තවත් ඇතුලට ගමන් කල විට දී අලි ඇතුන්ගේ සොහොන් බිමක් ද දකින්නට ලැබුනු බව කියයි. විදෙස් කතා පුවතක එලෙස සඳහන් වන අතර, මගේ මතකයට අනුව කුලසේන ෆොන්සේකා ශූරීන් රචිත සෝමපුර වීරයෝ යොවුන් නව කතාවේ දී ද එතුමා, ඇත් සොහොන ගැන ඉඟියක් ලබා දෙයි. තවත් මේ පිළිබඳ තොරතුරු සොයා යා

බෙල් මහතා විසින් සඟවා දැමූ සීගිරියේ අභිරහස්

Image
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්. කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ. ''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා'' මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්... "මොකද්ද සීයේ උනේ...?" මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් ද